Latest News

Clash Of Clans ( Online )


        කොහොමද ඔයාලාට අදනම් ටිකක් වෙනස් විදිහේ ගේමක් අරගෙන තමා මම ආවේ.. ඒ  Clash Of Clans..... මේක මමත් මේ ලඟදී තමා ගහන්න පටන් ගත්තේ...  මන් හිතන්නේ දැනටමත් ගොඩක් අය වැඩ පටන් අරන් ඇති... ඒ කොහොම උනත් මේ ගේම දැනටත් ගහලා නැති අය ගොඩක් ඇති කියලා හිතුනා....

       මුලින්ම කියන්න ඕන මේක online ගේම් එකක්... ඒ උනාට බය වෙන්න එපා නිකන් යාන්තමට net connection එක තිබ්බත් මේකට හොදටම ඇති.. පැය දෙකකට 10 MB වත් යන්නේ නෑ.....

       මේ ගේම මුලින්ම ඇවිත් තියෙන්නේ 2 August 2012 ඒ iOS Devices ( iPad/iPhone/iPod ) වලට විතරයි.. ඊට අවුරුද්දකට විතර පස්සේ තමා Android වලට ඇවිත් තියෙන්නේ..... මේ ගේම ගැන කියනවා නම් අපිට පොඩි ගමක් දෙනවා ඒක දියුණු කරන්න තමා තියෙන්නේ... මේකේ අපිට එකතුකරන්න තියෙන්නේ Gold , Gems , Exler කියලා තියන දේවල් වර්ග 3ක් ගේම පටන් ගන්නකොට තියෙන්නේ පොඩි ගමක් අපි මේක ටික ටික දියුනු කරනකොට අපිට Clan වලට සම්බන්ධ වෙන්න අවස්තාව ලැබෙනවා ( Clan Castle එක හදලා ඉවර උනහම ) Clan එකක් කියන්නේ අපි වගේ මේ ගෙම play කරන අනිත් අයත් එක්ක එකතු වෙන්න පුලුවන් තැනක්... අපිට clan එකකට සෙට් උනහම අපේ clan සගයන්ගෙන් අපිට ඕන කරන Troops ඒ කියන්නේ සොල්දාදුවන් ඉල්ල ගන්න පුලුවන්...
ඔය පහල තියෙන්නේ නියමෙට හදපු එකක්... ඒත් ඔයිට වඩා හොද ඒවා ඕන තරම් තියනවා....
  


      මේ ගේමේ විශේෂයක් තියනවා ඒ තමා අපි online නැති වෙලාවට අනිත් අය ඇවිත් අපේ ගමට පහරදීලා යනවා...  මේකේ    Gold , Gems , Exler  හොයාගන්න හොදම වැඩේ තමා පුලුවන් තරම් Attack කරන එක හැබයි Attack පැරදුනොත් අපේ කුසලාන ගාන අඩුවෙනවා... කියන්න සතුටුයි මේ ගේම ගහලා World Rank තියන පොරවල් ලංකාවේ ඉන්නවා....

පහල දාලා තියන වීඩියෝ එක බලන්න.. මේ ගේමට අලුත් අයට මේක ගොඩක් හොදයි..
  

Download For Android 


Updated -       May 7, 2015
Size -              43 MB
Installs -         100,000,000 - 500,000,000
Current Version -     7.65.5
Requires Android -   4.0.3 and up
        
                                     Download From Google Play


Download For iOS

  • Category: Games
  • Updated:
  • Version: 7.65.2
  • Size: 52.4 MB
  • Languages: English, Dutch, French, German, Italian, Japanese, Korean, Portuguese, Russian, Simplified Chinese, Spanish, Traditional Chinese, Turkish
  • Seller:
Compatibility: Requires iOS 5.1.1 or later. Compatible with iPhone, iPad, and iPod touch. This app is optimized for iPhone 5.



මේ ගේම Stores වලින් නැතුව අනිත් වෙබ් සයිට් වලින් බාන්න එපා... මොකද ඒක ඇගට හොදයි... 
Android හරි Apple හරි නැති අයට මේ ගේම ගහන්න මෙතනින් යන්න.... 

 එහෙනම් මම අදට ගිහින් එන්නම්...

2 comments:

  1. weda kare ne/..
    Downloading contant wela ehamama thiyana..
    load wenna ne..
    help

    ReplyDelete
    Replies
    1. Sorry wenna ona late unata... oya use karanne android or iOS ?

      Delete

LK Game Cafe® Designed by Templateism.com Copyright © 2014

Powered by Blogger.
Published By Gooyaabi Templates