Latest News

Deadpool

ඉතින් කොහොමද කට්ටියම හොඳින් ඉන්නවද? මම නම් මේ පැත්තට ගොඩවුනේ ගොඩාක් කාලෙකින්. පහුගිය මාස කිහිපයේම අපි ගොඩක් busy වුන නිසා ඔයාලට එක දිගට post අරගෙන එන්න බැරි වුනා. හසංක මල්ලි විතරයි cafe එක පැත්තෙ ඇවිල්ලා ඒ වැඩ ටික කරගෙන හිටියේ. පහුගිය මාස කිහිපයම අපිට ටිකක් කරදර තිබුනු කාලයක් කීවොත් මම හරි. මොකද අපේ post ගොඩක් අය තමන්ගේ එවා වගේ වෙනත් sites වල පල කරලා තිබුනා, අනික අපිට තාක්ෂණික ගැටළු කිහිපයකටත් මූණ දෙන්න සිද්ධ වුනා. මම හිතන්නේ ඔයගොල්ලෝ හැමෝම ඒ ගැන ටික ටික දන්නවාත් ඇති. ඒ ඔක්කොම වගේ විසඳගෙන අළුත් පෙනුමකින් ආයෙත් cafe එක ඔයාලට විවෘත කරන්නයි අපේ මේ සූදානම.....

ඒ කොහොම වුනත් අද LK Game Cafe අපි හැමෝටම ගොඩාක් විශේෂ දවසක්. ඒ ඇයි කියලා කියන්න පුලුවන්ද? හ්ම්ම්ම්...... අද තමා cafe එකේ පළවෙනි උපන් දිනය. ඔව්, අදට cafe එක ඔයාලට විවෘත කරලා හරියටම අවුරුද්දයි. 2015.03.03 තමා අපි අපේ පළවෙනි ලිපිය ඔයාලට දුන්නේ. අවුරුද්දක් පුරාවටම ඔයාලට එක එක විදියේ game හා සම්බන්ධ ලිපි ගොඩක් අරගෙන එන්න අපිට පුළුවන් වුනා. ඒ කාලය ඇතුළත අපිටත් ලැබුනු අත්දැකීම් ගොඩාක් තියෙනවා. ඒවා විස්තර කරන්න මම යන්නෙ නෑ. එහෙම වුනොත් ඔයාලට දෙන්න කියල ගෙනාපු game එක දෙන්න බැරි වෙනවා. ඉතින් පහුගිය අවුරුද්ද පුරාවටම අපිත් එක්ක රැඳිලා හිටිය ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි. ඉදිරියේදිත් අපිත් එක්ක මේ විදියටම එකතු වෙලා ඉඳීවි කියලා අපි හිතනවා. ඉදිරියටත් තවත් අළුත් වැඩ ගොඩාක් අරගෙන එන්නයි අපේ බලාපොරොත්තුව. ඒ වගේම හසංක මල්ලිටත් විශේෂයෙන්ම ස්තූති කරන්නම ඕනේ. ඔහු cafe එකට විශාල ශක්තියක්.

හරි එහෙමනම් අද ලිපිය දිහාට හැරෙමු.


Deadpool කීවම මේ දවස් වල කවුද නොදන්නේ නේද? ඒ ඉතින් film එක හින්දනේ. අපි ඔයාට අරගෙන ආවේ Deadpool game එක. පොඩ්ඩක් Trailer එක බලලම ඉමුද? ගොඩක් දේවල් කියලා මටත් මහන්සියි.


මේ හාදයා ඔක්කොම කීවනේ. හරි කමක් නෑ. එයාට system requirements ගැන කියන්න බැරි වුනානේ. ඔන්න බලාගන්න. 

Operating system: Windows XP / Windows Vista / Windows 7 / Windows 8
Processor: Pentium IV 2.6 GHz or any dual-core
Memory: 2 GB
Video: with 512 MB of video memory
Sound Card: DirectX 9.0c compatible
Free hard drive space: 7 GB

වැඩි විස්තරයක් ඕනේ නෑනේ. මම හිතන්නේ ඔය ටික ඇති.
හරි download කරමු නේද? ඔන්න පහලින් Torrent link එක දාලා තියෙනවා.

Download - Deadpool (6.26GB)
(Torrent from www.skidrowreloaded.com)

ටිකක් ඉක්මනින් මේ ලිපිය ලිව්වේ. අඩුපාඩු තියෙනවා නම් කියන්න. එහෙනම් මම ගියා. හැමෝටම ජය වේවා.!!!






LK Game Cafe® Designed by Templateism.com Copyright © 2014

Powered by Blogger.
Published By Gooyaabi Templates