Latest News

Forza Horizon 3 (සීමාවෙන් එහා)


Racing Games වලට කැමති ඔයාට හොඳ ආරංචියක් අරගෙනයි කාලෙකට පස්සේ මම cafe එකට ගොඩ වුනේ. ඒ Forza Horizon 3.
Forza Series එකේ ඊළඟ game එක. Forza Motorsport (2005), Forza Motorsport 2 (2007), Forza Motorsport 3 (2009), Forza Motorsport 4 (2011), Forza Horizon (2012), Forza Horizon 2 (2014), Forza Motorsport 6 (2015) කියන set එකෙන් මේ වෙද්දි ඔයාලා එකක් හරි play කරලා ඇති කියලා මම හිතනවා. ඉතින් මේ Forza Horizon 3 වල Initial release date එක විදියට අන්තර්ජාලයේ සටහන් වෙලා තියෙන්නෙ 2016 සැප්තැම්බර් 27කියලයි. කලින් ඒවාගේ වගේම මේ පාරත් අපි කවුරුත් දන්න Microsoft Studios තමයි Publisher විදියට කටයුතු කරන්නේ. ඒ වගේම මේක අපිට PC එකෙන් වගේම Xbox One එකෙනුත් play කරන්න පුළුවන්.
අපි වැඩි විස්තර කතා කරමු Trailer එක බලලම.


මම හිතන්නේ game එකේ graphics ගැන vehicles ගැන එහෙම දළ අවබෝධයක් ඔයාලට ලැබෙන්න ඇති. මේකෙදි ගොඩක් දේවල් player ගේ ඒ කියන්නෙ ඔයාගේ කැමැත්ත අනුව customize කිරීමේ හැකියාව තියෙනවා කියලයි game එකේ developer වෙන playground gamesලා කියන්නේ. ඒ වගේම game එක තුළදි ඔයාලට off road අත්දැකීමත් ලබාගන්න පුළුවන්. Trailer එකේදිත් ඒ බව දකින්න ඇති. ඒ වෙනුවෙන්ම modify කරපු වාහන පෙළක්ම ඔයාලට මේ game එක ඇතුළදි ලැබේවි.
ඔය හැමදේම කරන්නත් system requirements ඇති වෙන්න ඕනනේ. අපි ඒ ටික බලමු.

Minimum (PC)

  • OS: 64 bit Windows 10 (v. 1511)
  • CPU: Intel Core i3-4170 @ 3.7Ghz
  • Memory: 8 GB RAM (2 GB VRAM)
  • GPU: Radeon R7 250X / GeForce GT 740 or equivalent
  • HD Space: 30 GB
  • DirectX 12
Recommended (PC)
  • OS: 64 bit Windows 10 (v. 1511)
  • CPU: Intel Core i7-3820 @ 3.6Ghz
  • Memory: 12 GB RAM (4 GB VRAM)
  • GPU: Radeon R9 290X / GeForce 970
  • HD Space: 30 GB
  • DirectX 12
  • Microsoft Xbox One Controller
Highest Graphics (PC)
  • OS: 64 bit Windows 10 (v. 1511)
  • CPU: Intel Core i7-6700k @ 4Ghz
  • Memory: 16 GB RAM (6+ GB VRAM)
  • GPU: GeForce 980ti / Radeon Fury X
  • HD: SSD – 30 GB available space
  • DirectX 12
  • Microsoft Xbox One Controller
ඉතින් මේ දේවල් එහෙ මෙහෙ වෙන්න පුළුවන්. ඔයාලට දැනගන්නයි දැම්මේ. ඔයාලට ඇති තරම් විස්තර ලැබෙන්න ඇති කියලා මම හිතනවා. මේ හැම දෙයක්ම වගේ මම හොයා ගත්තේ අන්තර්ජාලය හරහා ඉතින් වැරදි අඩුපාඩු එහෙම ඇති. ඔන්න මම පහළින් screenshots ටිකක් දාලා ඇති.




අපි ඒ game එකත් release වුනාම ඔයාලට දෙන්න බලපොරොත්තු වෙනවා. එහෙනම් මම මේ යන්නයි ලෑස්ති වෙන්නේ. යන්න කලින් comments ටිකකුත් මේ post එකට එකතු කරන්න කියලා මතක් කරනවා. ගිහින් එන්නම්. හැමෝටම ජය!!!

LK Game Cafe® Designed by Templateism.com Copyright © 2014

Powered by Blogger.
Published By Gooyaabi Templates