Latest News

කංඡායුධ - Kanchayudha


   හා හා පුරා කියලා අපේ රටේ කොල්ලෝ ටිකක් එකතුවෙලා හදපු ඉතා උසස් ඝනයේ නිර්මාණයක් ගැනයි අද මේ කියන්න හදන්නේ...

අපි කියන කතා අහන්න කලින් මේ Game එක හදපු අය කියන කතාව අහල ඉන්නකෝ ...








💬💬💬💬💬💬💬💬💬💬💬💬💬💬💬💬💬💬💬💬💬💬💬💬💬💬💬💬💬💬💬💬💬💬💬💬💬💬💬💬
           මේ පරිගනක ක්‍රීඩාව දුටුගැමුණු රජ සමය පදනම් කොටගත් අතර දුටුගැමුණු රජතුමාගේ හමුදාවේ සිටි දස මහා යෝධයන්ගේ නායක නන්දිමිත්‍ර‍ යෝධයාව ප්‍ර‍ධාන චරිතය ලෙසින් නිරූපණය කර තිබෙනවා. නන්දිමිත්‍ර‍ යෝධයා කුඩා කාලයේ සිට ශක්තිය විදහා පෑ කෙනෙක්. එළාර රජුගේ සේනාවෙහි සෙන්පතියෙකු වූ මිත්ත ගේ බෑණනුවන් වීම නිසා මයිලනුවන් අනුව යමින් නම් ලද බවට කියැවෙන මේ යෝධ පුරුෂයා කුඩා කාලයේදී සෑම තැනක ම බඩගාගෙන යන්නට පුරුදුව සිටි නිසා මවුපියන් විසින් ඔහුව කුරහන් ගලට තබා සම් පටකින් බැඳ තබන්නට පුරුදුව තිබෙනවා. පසු කාලීනව ඔහු ඇවිදීමට හැකියාව ලබද්දී මේ කුරහන් ගලද ඇදගෙන මවුපියන් වැඩ කරන හේනට පැමිණෙන්නට තරම් ශක්තියක් ලබා ඇති අතර ඒ හරහා රජු වෙත මොහුගේ හැකියාව පිළිබඳ ආරංචි වන්නට ද හේතු වී තිබෙනවා.



            මෙතෙක් ලංකාව තුළ නිර්මාණය කෙරුණු පරිගණක ක්‍රීඩා අතරින් මෙයට සුවිශේෂී ස්ථානයක් සහ පරිගණක ක්‍රීඩා ලෝලීන්ගේ විශේෂ අවධානය යොමු වෙන්නට ප්‍ර‍ධානම හේතුව වී ඇත්තේ එහි ඇති ඉහළ ග්‍රැෆික්වල ඉහළ බවයි. කාටූන් වැනි රූපවල ගුණාත්මකභාවය අඩු පසුතල සහ චරිත නිසා ක්‍රීඩාවෙහි නිරතවීමට ඇති කැමැත්ත බෙහෙවින් අඩුව යන අතර එවන් අවධානමකින් මිදී ඉතිහාසය කුඩා මොළවලට සපයන්න නම් ක්‍රීඩාව වෙනුවෙන් ඇති ආශාව ඉදිරියෙන් තබාගත යුතු වෙනවා. ඒ අභියෝගය ඇරිමැක් නම් දේශීය සමාගමේ කාර්ය මණ්ඩලය භාරගනිමින් මේ වන විටත් එහි අති සාර්ථකත්වයට ළඟාවී ඇති බව ෆේස්බුක් සහ යූටියුබ් වෙත මුදාහැර ඇති ඡායාරූප සහ වීඩියෝ සාක්‍ෂි දරනවා.



මීට වසර පහකට පමණ පෙර නිර්මාණ කටයුතු ඇරඹුණු මෙයට ඡායාරූප හා වීඩියෝ වීඩියෝ සංස්කරණ, කලා අධ්‍යක්‍ෂණ සහ ත්‍රිමාණ සජීවිකරණයෙහි මහත් අත්දැකීම් ඇති කණ්ඩායමක් එක් වී ඇති අතර මෙය නිර්මාණය කරන්නට පෙර ශ්‍රී ලාංකේය පසුතල, අතීත ග්‍රාම්‍ය පරිසරය, ඇඳුම් පැළඳුම්, කොණ්ඩා හා රැවුල් විලාසිතා සහ භාෂාව පිළිබඳව ඔවුන් ඉතා ගැඹුරින් අධ්‍යයනය කර තිබෙන බව පවසනවා. විශේෂයෙන් මෙම ක්‍රීඩාව ඔබ මීට පෙර ක්‍රීඩා කර ඇති GTA වයිස් සිටි, සැන් ඇන්ඩ්‍රෙයාස් වැනි චරිතයක් කැමති පරිදි හැසිරවීමේ අවස්ථාව සහිත එකක් නිසා ක්‍රීඩාවේදී ඔබ දකින විවිධ උපකරණ, නිවාස, කරත්ත ආදියෙහි සෑම පැත්තකින් ම ගොස් නැරඹිය හැකි නිසා ඒවායේ සෑම කොටසක් පිළිබඳව ම අවධානය යොමු කරමින් සැකසීමට සිදුවෙනවා.



ඒ කටයුත්ත වෙනුවෙන් වැය කළ යුතු වෙහෙස අමතක කර ඇති ඔවුන් ඔබේ ඉහළ ක්‍රීඩාමය අත්දැකීම වෙනුවෙන් ඒ හැම කොටසක් ම නිර්මාණය කරන්නට කටයුතු කොට තිබෙනවා. ක්‍රීඩාවට යොදා ඇති දෑ අතර ආසියානු අලියා, ඉපැ‍රැණි ලාංකේය මෙවලම්, ගෘහ නිර්මාණ ශිල්පයන්, ඇඳුම් ආයිත්තම් මෙන් ම ශ්‍රී ලාංකේය පසුතල යොදා ඇති නිසා පිටරට පසුතලවල ක්‍රීඩා කළ අපට මේ හරහා නවමු අත්දැකීමක් ලැබෙනවා.

පරිගණක ක්‍රීඩාවක් තැනීමේදී ග්‍රැෆික් කොටස්වලට අමතරව එය සුවිසල් පරිගණක පරාසයක කරදරයක් නොමැතිව, ස්ලෝ වීමකින් තොරව ධාවනය කරවීම සඳහා ද අවධානය යොමු කළ යුතු වෙනවා. මේ නිසා හිතුමතේ ඉහළ ග්‍රැෆික් කොටස් යෙදීමට නොහැකි වන අතර දුරක සිට කරත්තයක් දෙස බැලීමේදී එහි ගුණාංගයන් අඩුවටත්, කෙමෙන් ඊට ළඟ වෙද්දී එහි පෙනීමේ ගුණාත්මකභාවය වැඩි වන ලෙසත් සැකසීමට සිදු වන අතර ඒ සඳහා එකම කරත්තය නමුත් අවස්ථා හතරක් වෙන වෙන ම ඔවුන්ට නිර්මාණය කරන්නට සිදුවන බවයි එහි ස්ටුඩියෝ ප්‍ර‍ධානී චින්තක සඳරුවන් පවසන්නේ.
නොබෝ දිනකින් ම මෙය එළිදැක්වීමට සූදානම් වන ඔවුන් අපේ ඉතිහාසය ලොවට ලාංකික අනන්‍යතාවයක් සහිතව අන්තර්ජාතික මට්ටමකින් දායාද කරන අතර ඒ සමඟ ම ලාංකික පරිගණක ක්‍රීඩා ඉතිහාසයේ ද නවමු පිටුවක් පෙරැළෙනවා.


මේ වන විටත් ලොව බොහෝ රටවල්වලින් මෙයට දායක වීමට කැමැත්ත පළ කර ඇති නමුත් අපේ කණ්ඩායම පවසා ඇත්තේ ඔවුන්ට පූර්ණ ලාංකීයත්වයෙන් මෙය සිදු කළ යුතු නිසා ඒවාට ඔවුන්ගේ උනන්දුවක් නොමැති බවයි. එහෙත්, මෙතෙක් ලොව බිහිව ඇති බොහෝ පරිගණක ක්‍රීඩා අධ්‍යයනය කරමින් මෙයට අවශ්‍ය පසුබිම හඳුනාගත් බව කියන්නට ද ඔවුන් හැම විට ම නිහතමානී යි. www.facebook.com/Kanchayudha යන ෆේස්බුක් පිටුවෙන් ඔබට මෙහි සළරූ ද නැරඹිය හැකි අතර එමගින් මෙහි වටපිටාව ගැන වඩාත් පුළුල් අවබෝධයක් ඔබට ලබාගත හැකි වේවි. (www.dinamina.lk)


අපි කොහොමද මේ දේ අගය කරන්නේ , ඒක හදපු අයට ශක්තියක් වෙන්නේ... මේකට හොද උත්තරයක් මටත් හම්බුනේ Facebook Post එකක තිබ්බ දෙයක් දැකලයි...

     😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
ලංකාවේ කොල්ලෝ කෙල්ලො සෙට් එකක් කරන සුපිරි වැඩක්. ඒ ගේම එක ප්ලේ කරන්න බලං ඉන්න කෙනෙක් මං. ඉතිං මට හිතුනා ඒ ගේම් එක ප්ලේ කරන්න ඉන්න අනිත් අයගෙන් පොඩි ඉල්ලීම් කිහිපයක් කරන්න.

01. ගේම් එකේ ඔරිජිනල් කොපි එක නිතරම මිලදී ගන්න වග බලා ගන්න.

02. කවදාවත් කිසිම කෙනෙක්, මොනතරම් වැඩ්ඩෙක් උනත් මේ ගේම් එකට ක්‍රැක් එකක් හදන්න එපා.

03. තමන් සල්ලි දීල ගත්තු ගේම් එක තව කෙනෙක්ට ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් වෙන්න ටොරන්ට් වලට හරි ක්ලවුඩ් වලට හරි අප්ලෝඩ් කරන්න එපා.

04. මොනවම හරි අවුලක් ආවොත් ගේම් එකට බැණ බැණැ ඉන්නේ නැතුව ගේම් එක හදපු ටීම් එකට රිපෝට් කරල එයාලට උදව් කරන්න ඒ දේවල් හදන්න.

05. ශොප් කරන අයත් කවදාවත් මේකේ කොපීස් නීතිවිරෝධී විදිහට හදල විකුණන්න එපා.

දැන් මේක කියෙව්වම කාට හරි හිතෙන්න පුලුවන් මේක කොටාපු එකට *** ගාය, එහෙමත් නැත්තම් මූ ඒ ගේම් එකේ මාර්කටිං කරනව කියල. නෑ මට *** ගායක් ඇත්තෙත් නෑ, මම කාගෙවත් මාකටිං කරන්නෙත් නෑ.

මම මේ ටික මේ විදිහට දාන්න හේතුව, ලංකාවේ අපේ උං සෙට් එකක් නැගිටින්න බලද්දි, අපේ දෙයක් ජාත්‍යන්තරේට අරං යන්න හදන වෙලාවේ උංට වල නොකප අත දෙන්න කියපං කියල කියන්න.

ඒක නිසා හිතට එකඟව අපේ උංට උදව් කරපල්ලා.

හදිස්සියේවත් ගේම් එක ෆ්‍රී දුන්නොත් මං ඔය උඩ කියල තියෙන දේවල් අමතක කරල හැමෝටම ලැබෙන්න සලස්සපල්ල.

මේක් අනිත් උංටත් කියවන්න ශෙයාර් කරපල්ලා. ලංකාවේ අපේ දේ ලෝකෙට අරං යමල්ලා.සල්ලි දීල ගන්න ඕනේ නම් මම එකෙන්ම ගන්නව.

ජය ශ්‍රී

#තිමිරයා                           
                                                                                                     "උපුටා ගත් කොටසකි"
😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋





සිතන්නට යමක්......
💭💭💭💭💭💭💭💭💭💭💭💭💭💭💭💭💭💭💭💭💭💭💭💭💭💭💭💭💭💭💭💭💭💭💭💭💭💭💭💭
🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌



Kanchayudha Game Price & Requirements

  • OS : Windows 7, 8, 8.1,10
  • Processor : Intel Core 2 Duo 1.8 GHz or AMD Athlon 64 X2 2.4 GHz
  • RAM : 1.5 GB
  • Video Card : 256 MB
  • DirectX Version : DirectX 9.0
 Prize - රැපියල් 2850.00

💪💪💪💪💪අගය කරමු අපේ දේ💪💪💪💪💪




LK Game Cafe® Designed by Templateism.com Copyright © 2014

Powered by Blogger.
Published By Gooyaabi Templates