Monday, January 1, 2018

සාදරයෙන් පිළිගනිමු !!!


ලැබුවා වු 2018 නව වසර සුභම සුභ නව වසරක් වේවා !!! කියලම පටන් ගන්නම්කෝ. කොහොමද ඉතින් අවුරුදු ? දැන්ම කොහොම කියන්නද...තාම පටන් ගත්තා විතරයිනේ නේද...ඒත් 2018 gamersලට හොඳ අවුරුද්දක් වේවි. ඒ මොකද කියලා ඉස්සරහට කියන්නම්.✌✌✌

අපි ගිය අවුරුද්දේ ඒ කීවේ 2017 අන්තිම හරියේදි cafe එක තාවකාලිකව වසා දැමුවා ඔයාලට මතක ඇති. Post එක publish කරපු ගමන් title එක කියවලා "ඇයි cafe එක වහන්නේ ?"," මොකක්ද අවුල ?" කියලා message ගොඩක් ආවා වගේම "ඇති යන්තම් දැන්වත් ඕක වහනවා" කියලත් messages ආවා. Post එක අන්තිම වෙනකල් කියවපු අයට නම් පැහැදිලි වෙන්න ඇති වැඩේ. ඉතින් අපි පොරොන්දු වුණු විදියටම 2018 පටන් ගන්නවත් එක්කම cafe එක නැවතත් විවෘත කළා.

දැන් මොකක්ද මහ ලොකුවට කියවලා කරපු දේ ?ඇත්තටම වෙනස්කම් ගොඩාක් කලා වගේම තව ඒ කරපු වෙනස්කම් වල ප්‍රතිඵලත් එන්න තියෙනවා. ඔයාලට දැන් cafe එකට ගොඩවෙනකොටම දකින්න ලැබෙන interface එක ටිකක් වෙනස්. මීට කලින් අපි magazine එකක් විදියට ඔයාලට ගෙනාපු cafe එක ගොඩාක් සරල මුහුණතක් ඔස්සේ ගේන්න අපි තීරණය කලා. Downloads, Upcoming, Error Fix, Walkthrough , Android වගේ category වලට වෙන් කරලා ලිපි ලබා දෙන එක නතර කරලා සරලව ඒ දේවල් ඉක්මනින් ඔයාලට ලඟා කරන්න අපි කටයුතු සූදානම් කරලා තියෙනවා.  Page එක කිලෝමීටර් ගානක් දික් නොවෙන්න අමතර widgets ඔක්කොම අයින් කරලා අත්‍යවශ්‍ය ටික විතරක් ඉතුරු කරලා තියෙනවා. Home page එකේ නම් නැතිම තරම්. (data ටිකත් ඉතුරු වෙයිනේ නේහ්.)අපි මේ සැරේ social පැත්තට වැඩි බරක් තියලා තියෙනවා. Facebook, Twitter වගේ sites හරහාත් අපි එක්ක පිරිසක් එකතු වෙන නිසාමත් තව විශේෂ වැඩ ගොඩකටයි අපි ඒ සම්බන්ධව ටිකක් වැඩි අවධානයක් දෙන්නේ. ඒ වගේම අපි...අහ් නෑ නෑ ඔක්කොම කියන්න බෑ. ඔයාලටත් හොයාගන්න දෙයක් ඉතුරු කරන්න ඕනනේ. අපිත් එක්ක touch එකේ හිටපු අයට නම් මේ වෙනස්කම් හොයාගන්න එච්චර අමරු වෙන්නෙ නැති වේවි.

ඉතින් 2018 අවුරුද්දේ ගොඩක් හොඳ games රාශියක් release වෙන්නත් තියෙනවා. අපේ play station වලින් play කරන set එක බලාගෙන ඉන්න God of war game series එකේ අළුත්ම game එකත් එන්න තියෙන්නේ 2018 කියලයි ආරංචි වුනේ. 

තව කරන්න වැඩ ගොඩයි. ලැබෙන කාලය සහ ප්‍රතිචාර එක්ක ඒ දේවල් ඔයාලට ලඟා කරන්න අපි සූදානම්. අහ් තව දෙයක්, මාසයක් වගේ ඇතුළත සීමිත පිරිසකට author දෙන වැඩේ අපි ආයෙත් පටන් ගන්නවා. ඉතින් like කරන්න, comment කරන්න, share කරන්න මේ හැමදේකටම cafe එක විවෘතයි වගේම ලංකාවේ gaming සංස්කෘතියක් හදන්න යන ගමනට ඒ දේවල් ලොකු ශක්තියක් වෙන බවත් මතක් කරනවා. එහෙමනම් ලැබුවාවු නව වසර සුභම සුභ වේවායි කියලා ආයෙමත් ප්‍රාර්ථනා කරන ගමන් ගිහින් එන්නම්, හැමෝටම ජය !!!

Whatsapp Button works on Mobile Device only

Start typing and press Enter to search