LK Game Cafe වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු. !!!

Limbo (සොයුරිය සොයා)


2010 වසරෙදි release කරපු game එකක් අද මම අරගෙන ආවේ. Gaming world එකේ වෙනසක් කරපු වෙනස් විදියක game එකක් වගේම setup එකත් ගොඩක් ලොකු නැති හින්දයි අරන් හිතුනේ. Playdead ලා විසින් develop කරපු මේ game එක publish කරන්නේ Playdead සහ Microsoft Game Studios දෙගොල්ලොම එකතු වෙලා. Game එක release වෙන්නේ හරියටම 2010 ජූලි 21 වෙනිදා. Xbox 360, PlayStation 3, Microsoft Windows, OS X, Linux, Xbox One, PlayStation 4, PlayStation Vita, iOS, Android වගේ platforms ගොඩකින් play කරන්නත් පුලුවන් වීමත් මේකේ එක විශේෂත්වයක්.

Single-player mode එකෙන් play කරන්න වෙන මේ game එක puzzle, platform කියන ගනයට තමා ඇතුළත් කරලා තියෙන්නේ. (ඒත් මගේ පෞද්ගලික අදහස නම් horror genre එකටත් මේක දැම්මොත් හොඳයි කියලයි). 2D තාලේ game එකක් උනත් 3D effects ගොඩක් background එකට එකතු කරලා තියෙන නිසා ලොකු වෙනසක් play කරන වෙලාවට දැනෙන්නේ නැති තරම්. ඒත් අපිට දැනෙන ලොකුම වෙනස තමා Balck and White theme එක. ඔව් මුළු game එකම කලු සහ සුදු වර්ණ වලින් shadow-based වෙලා තමා හැදිලා තියෙන්නේ. එහෙම උනත් lightning effects, film grain effects වගේම sounds effects එහෙමත් පට්ට විදියට යොදාගෙන හින්දා වෙනස්ම අත්දැකීමක් නම් අනිවා ගන්න පුළුවන්. 2011 Game Developers Choice Awards එකේදි Best Visual Art සඳහා වන සම්මානය වගේම තවත් Awards ceremonies වලදි සම්මාන රැසක් මේ game එක වෙනුවෙන් ලැබෙනවා විතරක් නෙවේ 2010 දි Xbox Live Arcade service එකේදි වැඩිම අලෙවියක් වුනු games අතරින් 3 වෙනි තැනට එනවා වගේම ඩොලර්මිලියන 7.5 ක පමණ ආදායමක් ගන්නත් Limbo සමත් වෙනවා.

Story-----------------------------------------------------------------------------------------------------------------

Story එක ගැන කියනවා නම් මුළු game එකම ගෙතෙන්නේ පුංචි පිරිමි ළමයෙක් වටා. Game එක පටන් ගනිද්දිම අපිට බලාගන්න පුළුවන් මෙයා කැලේ මැදින් නැගිටින seen එකක්. එතකොට මෙයා මේ කොහෙද යන්නේ? අතුරුදහන් වුනු තමන්ගේ සහෝදරිය හොයාගෙන තමයි මෙයා මේ තමන්ගේ adventure ඉදිරියට අරගෙන යන්නේ. Game එකේ ඉදිරියට යද්දී අපිට මිනිස් චරිත කිහිපයක් හමුවුනත් ඒ කිසිම කෙනෙක්ගෙන් මේ ළමයාට නම් කිසිම උදව්වක් ලැබෙන්නේ නෑ. අපිට attack කරන්න හරි අපි දැක්කම දුවන්න හරි විතරයි උන්ට පුළුවන්. එහෙමත් නැත්තං අපිට උන්ව මුණගැහෙද්දි උන් මැරිලා...කොහොමහරි සියළු බාධක පහු කරලා තමන්ගේ සහෝදරියව හොයාගන්න එක තමා මෙයාගේ එකම target එක.

Trailer---------------------------------------------------------------------------------------------------------------

Trailer එක පටන් ගනිද්දිම අර කැලේ ඇතුලෙන් පටන් ගන්න seen එක තියෙනවා බලාගන්න පුළුවන්. ඒ වගේම එක එක chapters වල සිදුවීම් කිහිපයක් බලාාගන්න පුලුවන්. ඒක බලලම ඉමු නේහ්...




Game play----------------------------------------------------------------------------------------------------------

Game එක play කරන්න key board එක බදාගෙන දඟලන්න දෙයක් නෑ. PC එකෙන් play කරද්දි නම් ඕනේ වෙන්නේ Arrow key 4, Ctrl, Enter කියන keys 6 විතරයි. එතකොට අපිට නැත්නම් මේ character එකට තියෙන weapons / power ups මොනවද? ඒ මොනවත් නෑ. ඒක තමා අපිට මේකෙදි මුහුණ දෙන්න වෙන ලොකුම ගැටළුව. Chapter එකේදි අපි අවට තියෙන දේවල් වලින් තමයි ඉස්සරහට යන්න විදියක් හොයාගන්න වෙන්නේ. ඒ නිසා game එකේ ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ player ගේ එහෙමත් නැත්නම් ඔයාලගේ තේරුම් ගැනීමේ හැකියාව, විමසිලිමත් බව වගේම timing මත. එක පාර filed එකට පැනලා මරාගෙන කොටාගෙන යන අයියාලාට නම් limbo හරි යන්නෙ නෑ. මේකෙ තියෙන්නේ වෙනමම ආතල් එකක්. Sounds ගැන අවධානයෙන් හිටියොත් නම් ඉදිරියට යන්න ටිකක් පහසු වේවි. Limbo හැදිලා තියෙන්නේ trial and death කියන style එකෙන්. පොඩි වැරැද්දකින් සිද්ධ වෙන්නේ මැරෙන්න තමයි. 

System Requirements (Minimum) --------------------------------------------------------------------------------
  • CPU  -  Any CPU with 2 GHz or more.     
  • RAM - 512 MB     
  • VGA - Any VGA card in last 5 years. Some integrated graphics may work. Shader Model 3.0 required     
  • DX    - 9.0c    
  • OS     - Windows XP, Vista, 7     
  • HDD  - 150MB
Download-------------------------------------------------------------------------------------------------------------

Torrent හා Android වලින් setup එකක දෙන්නම්. Limbo android වලට demo එක තමා අපිට free දෙන්නේ. අනිත් එක paid. ඒ වගේ ඒවා free ගන්න හැටි දන්නවනේ. අනිත් platforms වලටත් ඕනේ නම් comment එකක් දාන්න.

176.32 MB




--------------------------------------------------------------------------------------------------------------------------
අපි ගොඩක් වෙලාවට puzzle based games වලට walkthrough දුන්නා ඔයාලට මතක ඇති. ඒත් Limbo වලට නම් එහෙම දෙන්න බලාපොරොත්තුවක් නැහැ. ඉස්සරහට යන්න අමාරු තැනක් තිබුනොත් අපෙන් අහන්න අපි උදව් කරන්නම්. දන්නවනේ උදව් ඉල්ලන්න ඕනේ විදිය, Forum එකේ, FB එකේ නැත්නම් මේ post එකේ උනත් කමක් නෑ comment එකක් දාන්න. සෑහෙන්න දිග post එකක් type කරලම මහන්සියි. Post එක ගැන අදහස් උදහස් තියෙනවා නම් ඒවත් comment කරන්න. ඒ හැම දේකටම cafe එක විවෘතයි. Limbo game එකේ screenshots ටිකකුත් පහලින් දාලා ඇති ඒ  ටිිකත් බලන්න එහෙනම්. මම ගිහින් එන්නම් තවත් post එකකින් හමුවෙන තුරු ඔබට ජය !!!
--------------------------------------------------------------------------------------------------------------------------

Screenshots-----------------------------------------------------------------------------------------------------------




0 comments: