Monday, January 1, 2018

Call of Duty 4 Multiplayer ගහන්නේ කොහොමද? [Step by Step]




             ඔක්කෝටම කලින් සුභම සුභ නව වසරක් වේවා කට්ටියටම.... බ්ලොග් එකේ තනිය මකන්න කියලා එහෙන් මෙහෙන් දැක්ක පෝස්ට් වගයක් කොපි පේස්ට් කර කර ඉදලා කාලෙකට පස්සේ මේ පැත්තේ ආවේ අද තමා... එද්දි බැලුව යකෝ ලින්ක් එක වැරදිලා වෙන බ්ලොගියක් අස්සෙද රිංගුවේ කියල.. නෑ නෑ බැලීනං අපේ නදීර අයියා ලොකු ගේමක් ගහල මේකෙ කුනු දූවිලි සුද්ද කරල එහෙම අලුත් අවුරුද්දේ අලුත් ඇදුමකුත් අන්දලම ගෙනත් තියල මං එනකොට...

             අද පෝස්ට් එක ගැන කියනවානම් Call of Duty 4 Multiplayer ගහන්නේ කොහොමද කියල දන්නේ නැති අයත් අහපු නිසා කියල දෙන්නයි ආවේ...මමත් මේ ලගදි තමා සෙල්ලම් කරේ... බලන් ගියහම ඒකත් වෙනම ආතල් එකක්... කොහොමත් ඉතින් යාලුවෝ සෙට් වෙනතැනක ආතල් එකෙන් අඩුවක් නෑනේ... COD ගහන සාමාන්‍යයෙන් හොද නෙට් කොනෙක්සොං එකක් තියන යාලුවො ටිකක් සෙට් කරගෙන කරල බැලුවට පාඩු නැති වැඩක්... කියෙව්වා ඇති දැන් බලමු කොහොමද වැඩේ වෙන්නෙ කියල...



1. මුලින්ම මේ ගේම් Update ටික දාගන්න වෙනවා 
        

 .rar ෆයිල් ටික අස්සෙ අති බඩු... ඒටික නෝර්මල් ඉන්ස්ටෝල් කරගන්න

  
2. දැන් තමා ලොකුම කේස් එක.. server එකක් හොයග්න්න එක.... (ලංකාවේ ඒවත් ගොඩක් තියනවා... ඒත්  ඒවා ප්‍රසිද්ධ කරනවට ඒවගේ අයිතිකාර සහෝදරයෝකැමති වෙයිද දන්නේ නෑනේ... අකමැත්තක් නැත්තන්  එහෙම කෙනෙක් මේ පෝස්ට් එක දැක්කොත් කොමෙන්ට් කරන් යන්න අපිටත් දැනගන්න...)

 පොදු විදියට වැඩේ ගොඩදාගමුකො...
 Gametracker link: http://www.gametracker.com/games/cod4/ 
 ඔය ලින්ක් එකට ගිහින් පොඩි search පරක් දාල අදාල server එකට තියන IP:Port එක කොපි කරග්න්න
 (ex - 173.234.28.20:27015 )   

3. දැන් Game එකෙ mp.exe එක open කරගන්න..

                      go to your Options -> Multiplayer Options -> Enable Console.
 
ඔතනින් Console එක enable කරගන්න... දැන් ආයෙත් මුල් පේජ් එකට ඇවිල්ලා keyboard එකෙ Tab තියන තැන හොයාගන්න... ඒකට උඩින් තියනවා නේද ~ key එක ආන් ඒක ඔබන්න... දැන් උඩින් පොඩි බාර්  එකක් එනවා type කරන්න පුලුවන් විදියේ...
             ඒකේ මෙහෙම ටයිප් කරන්න.. "Connect GAMESERVERIPHERE"  
GAMESERVERIPHERE කියන තැන ඉස්සල්ලා අපි කොපි කරන් ආව IP එක පේස්ට් කරන්න... 
    
         මේ විදියට...          Connect 173.234.28.20:27015

දැන් Enter ඔබන්න 

http://3.bp.blogspot.com/-XujZx4jXI9Y/TWeHaU82U4I/AAAAAAAAAaU/cZiknIIov4E/s1600/Snap_2011.02.25_18h37m46s_005.png 


4. වැඩේ ගොඩ...
   


ඒකත්හරි... වැඩේ කරන් යද්දි මොකක් හරි අව්ලක් ආවොත් අපිට කියන්න... කතාබහ කරල විසදගන්න බැරියැ ඉතින්...

පොඩි දෙයයි කරන්න තියෙන්නේ.. අපේ forum එකේ New Topic එකක් ඕපෙන් කරන්න... අපි උදව් කරන්න සූදානමින්...  Forum Link - http://lkgamecafe.blogspot.com/p/our-forums.html

තව මේක ගැන උනත් කියන්න දේවල් නම් ගොඩයි... එව ඉස්සරහට බලමුකෝ...

තමුන්ගෙම යාලුවො සෙට් එකට වෙනම server එකක් හදාගන්න විදිය වගේම මේකෙ පොඩි හොර වැඩ වගේකුත් තියන්වා... හෙමින්සැරේ ඒවත් මේ වගේ කියන්නම්....

එහෙනම් අදට මම ගියා... යාලුවොත් එක්ක මේ දේවල් shear පාරක් දාන්නත් අමතක කරන්න එපා...
ආ තව දෙයක්.. කොමෙන්ට්ස් එහෙම ටිකක් අඩු උනාට නිතරම මේ පැත්තේ රව්මක් දාලා යන්න එන පිරිසක් නිර්මාණය වෙලා තියනවා .... ඒ ගැන මමත් නදීර අයියත් ගොඩක් සතුටු වෙනවා....

Happy Gaming

     









Whatsapp Button works on Mobile Device only

Start typing and press Enter to search