Saturday, January 6, 2018

Dark Prince (අඳුරේ කුමරු)


හරි ගායිස් එහෙනම් ඔන්න LK Game Cafe එකෙන් මම ආවා තවත් රසවත් පුංචි කතාවකුත් අරගෙන ඔයාලා සමග බෙදාගන්න.....
මේ පෝස්ට් එක කියවන අයගෙන් 99% ක්ම වගේ පිරිසක් අනිවාර්යයෙන්ම 
Prince of Persia - Two Thrones play කරලා ඇති ..එහෙම නේද..ඉතින් ඔන්න ඔය ගේමෙ දී අපි හැමෝම අපේක්ෂා නොකර විදියට සප්‍රයිස් එන්ට්‍රන්ස් එකක් විදියට මේ Dark Prince කඩාපාත් වෙනවා ඔයාලට මතක ඇති. ඉතින් මම හිතුවා මේ හාදයා ගැන පොඩ්ඩක් කතා කළොත් හොඳයි කියලා.Villain කෙනෙක් උනත් පෞද්ගලිකව මම ගොඩක් ආසා කරන character එකක්. කොටින්ම මගේ Google account එකේ profile picture එක විදියට පවා දාගෙන ඉන්නේ man ව තමා. හරි ඉතින් එහෙනම් අපි කතාවට බහිමු.
මේ Dark Prince එහෙමත් නැත්නම් Sand Prince ගේ සෙල්ලම් ටික Two Thrones වලදි අපි දැක්කට මෙයාගේ first appear එක තියෙන්නේ Prince of Persia - Warrior Within වල අන්තිම හරියෙදි, ඒකෙදි Sharaman ගේ ඔටුන්න අතට අරගෙන “All that is yours is rightfully mine. And mine it shall be.” කියලා කියන හුඩ් එකක් දාගෙන ඉන්න හාදයා තමා මේ Dark Prince විදියට එළියට එන්නේ. කවුද හිතුවේ මූ මෙහෙම ගේමක් දෙයි කියලා...

“All that is yours is rightfully mine. And mine it shall be.” 
ඉතින් මේ Dark Prince, Prince ගේ ඇඟට ඇතුල් වෙන්නේ  Dagger of Time එක (අර කාලය හරහා යන්න පුළුවන් කිනිස්ස) හරහා. ඒ වෙලාවේ ඉඳලා වම් අතේ ඉඳලා prince ගේ ශරීරය වෙනස් වෙන්න පටන් ගන්නවා මතක ඇති. මුලින්ම prince ගේ මොකක් හරි power එකක් නැත්නම් ability එකක් කියලා හිතුනත් මූ එන්නේ හොඳකට නම් නෙවේ කියලා තේරෙන්න ගන්නේ ගේමෙ ඉස්සරහට යද්දි. Dark Prince කියන්නේ Alter-Ego type එකේ villain කෙනෙකුට. ඒ කියන්නේ villain කෙනෙක් නොවන කෙනෙක්ගේ ඇඟ ඇතුළේ ඉඳගෙන වෙනම evil plan එකකට වැඩ කරන villain කෙනෙකුට. හරියට Dr. Jekyll සහ Mr. Hyde වගේ. ඇයි spider man film එකේ venom (අර කලු spider man) මේ type එකේ villain කෙනෙක් තමා. මෙතනදි Dark Prince ගේ target එක වෙලා තිබුනේ prince ගේ ශරීරයේ පාලනය තමන්ගේ අතට අර ගන්න එක.

ගේමේ ඉස්සරහට යද්දි අපිට Dark Prince විදියටත් සමහර stages වලදි fight කරන්න වෙනවා. එතනදි අපිට prince ටත් වඩා හොඳ skills / attack ටිකක් බලාගන්න පුළුවන් වෙනවා. ඒකට හේතුව තමා මෙයාගේ අතේ තියෙන Daggertail එක.(අර දම්වැල). ඒකෙන් සෑහෙන වැඩක්, සෑහෙන damage එකක් කරන්න පුළුවන් බවත් මතක ඇති. Dark Prince ගේ තියෙන විශේෂ weapon එකක් විදියට මේ Daggertail එක හඳුන්වන්න පුළුවන්. මේ විදියට Daggertail එකක් තියාගෙන ඉන්න හාදයෙක් Prince of Persia movie එකෙත් හිටියා ඔයාලට මතක ඇති. අනිත් සුපුරුදු weapon එක (Dagger of Time) මෙයත් පාවිච්චි කරනවා.


කොච්චර වැඩ්ඩෙක් උනත් මෙයාගෙත් දුර්වලතා ටිකක් තියෙනවා. Dark Prince කියන්නෙත් sand creature කෙනෙක්. Dark Prince විදියට හැරුනාම මෙයා යැපෙන්නේ Sands of time වලින්. ඒවා නැති වුනොත් මෙයාට ජීවත් වෙන්න බැහැ. ඒකයි අනිත් sand creatures ලා මර මරා උන්ගේ තියෙන sands එකතු කර ගන්නේ. ඒ වගේම මෙයාට වතුරත් allergic. වතුර ගෑවුන ගමන් අයෙමත් Prince විදියට හැරෙන්නේ ඒකයි.


ඉතින් අපිට හමුවුන තවත් special villain කෙනෙක් විදියට Dark Prince ගේ විස්තර ඔය විදියට කියන්න පුළුවන්. Villain කෙනෙක් විදියට නොවී Prince ගේ dark ability එකක් විදියට හරි දිගටම හිටියා නම් හොඳයි කියලයි මගේ නම් අදහස. ඉතින් Dark Prince ගැන මට කියන්න අමතක වුනු දේවල් ඇති, මීට වඩා වෙනස් දේවල් ඔයාලටත් කියන්න ඇති. ඒවත් comment කරන්න කියලා ඉල්ලන ගමන් මම ගිහින් එන්නම්. ඔබට ජය !!!

Whatsapp Button works on Mobile Device only

Start typing and press Enter to search