Sunday, February 23, 2020

GeForce Now පොඩිම PC එකකිනුත් ලොකු ලොකු ගේම් ගහමු




       අද කියන්න යන්නේ රසබර ඒත් දුක්බර සීන් එකක් රසබර කෑල්ල තමා ඕනම අලුත් ගේම් එකක් සොච්චං PC එක්ක උනත් ( මං ගාව තියන එක වගේ ) හොදම quality එකෙන් play කරන්න පුලුවන් විදියේ අවස්තාවක් අපිට nvidia ආයතනය හදුන්වලා දීලා තියනවා ඒ තමා GeForce Now . මේක මීට කලින් NVIDIA GRID කියලා 2013 දී හදුන්වලා දීලා තිබ්බට ඒක සාර්තක වෙලා නෑ..  ලන්කාවට මේක හදුන්වලා දීලා නෑ.. ඒ උනාට VPN දාලා ගහන්න පුලුවන්. 
         
         https://www.nvidia.com/en-us/geforce-now/ මේ ලින්ක් එක්ට ගියොත් ඔයාල register වෙන්න පුලුවන්.. මේකේ Paid version එකක් වගේම FREE version එකකුත් තියනවා..
  
Image result for geforce now



මේකෙදී ඇත්තටම සිද්ද වෙන්නේ ඔයා select කර ගන්න ගේම් එක nvidiaලගේ ලෝකේ වෙන තැනක තියන High End machine එකක run වෙනවා ඔයා වෙනුවෙන්.. ඒ run වෙන ගේම් එක ඔයාට display එක හරහා පෙන්නන එක තමා සරලවම සිද්ද වෙන්නේ.. මේකෙදි High Speed Internet Connection එකක් නම් අනිවාර්යයෙන් ඕන.. උදාහරණයක්විදියට ඔය space එක ඔබලා ගේම් එකෙ තැනක උඩ පනින්න හදනව කියලා හිතන්න.. ඔයා space එක ඔබපු ගමන් ඒ command එක ඔයා ඒ වෙලාවේ ගේම් එක ගහන server එකට ගිහින්  එතන command එක run වෙලා උඩ පනින එක ඔයාගේ display එකේ පෙන්නන්න ඕන.. ඕක මිලි තත්පර ගානකින් උනේ නැත්ත්න් පොඩි වෙනසත් අපිට හොදටම තේරෙනවා..   

Hardware requirements and features

PC users need a 64-bit version of Windows 7 or newer.
You must have a Dual-core x86 CPU with 2.0GHz or better, 4GB of RAM, and a GPU running DirectX 9 or better. 
For graphics cards, you need either a GeForce 600 series or better, an AMD Radeon HD 3000 or better, or Intel HD Graphics 2000 or better.



දුක හිතෙන කතාව තමා මේකේ Data Usage එක පට්ට වැඩී

Balanced settings - 1080p at 60fps ----- Use up to 10GB of streaming data per hour 
Data saver settings - 720p               ----- Uses upto 4GB per hour


Google ලගේත් තියනවා මේ වගේම service එකක් Google Stadia කියලා.. ඒ එක්ක බලනකොට GeForce Now ගොඩක් ඉදිරියෙන් ඉන්නවා කියලා තමා කියන්නේ..  


Post a Comment

Whatsapp Button works on Mobile Device only

Start typing and press Enter to search