Latest News

LK Game Cafe කිව්වාම මේ වෙනකොට ගොඩාක් අය දන්නවා. ඇත්තටම අපි cafe එකේ මුලින්ම ලිපියක් පළ කලේ 2015/03/03. ඒත් ඊට ගොඩාක් කාලෙකට කලින් ඉඳන් අපි මේක design කරන්න පටන් ගත්තේ. ගොඩාක් සරලව පටන් අරගෙන අද වෙද්දි අළුත් අළුත් විශේෂාංග ගොඩාක් අපි එකතු කරලා තියෙනවා. ඒ හැම දෙයක්ම අපි එකතු කරේ ලිපි කියවන ඔයාගෙම පහසුවට. ඉදිරියට තව තව අළුත් දේවල් මේකට එකතු වේවි.

Cafe එක පටන් ගත්තේ ඇයි කියලත් මම කියන්නම්. ලංකාවේ gaming සඳහාම වෙන් වුනු වෙබ් අඩවි ගොඩාක් අඩුයි. ඉතින් ඒ අඩුව පුරවන්න තමයි අපි මේක පටන් ගත්තේ. ආපු, එන්න තියෙන අළුත් පරණ හැම ගේමක් ගැනම හැමදාම වගේ අපි ලිපි එකතු කරනවා. ඒ වගේම ඔයාගේ ගැටළු, යෝජනා, චෝදනා හැම එකකටම අපේ comment box එක අපි විවෘත කරලා තියෙනවා. ඇයි අපේ forum එක, Face Book page එක, App එක. ඒවත් ඔයා වෙනුවෙන්මයි.

Cafe එක හදපු අපි දෙන්නා ගැන ඔයාලා වැඩි විස්තරයක් දන්නේ නෑනේ. මාරුවෙන් මාරුවට ඔයාලට එක එක විදියේ games අරගෙන ආවේ හසංක සංජන ,නදීර නාමල් කියන අපි දෙන්නා. ඔයාලට පොඩි ලිපියක් පෙනුනත් ලොකු කාලයක් වැය කරලා තමයි අපි ඔයාලට ඒ දේවල් පිළිවෙලකට අරගෙන එන්නේ. කාලෙන් කාලෙට එක එක වෙනස්කම් එකතු කර කර ඔයාලට හොඳම,අළුත්ම, වෙනස්ම දේවල් අරගෙන එන්න අපි ගොඩාක් මහන්සි වෙනවා. මේක ආර්ථික ලාභයක් බලාගෙන කරන දෙයක් නෙවේ.ඒකයි අපිට ඔයාගේ comment එක like එක ගොඩාක් වටින්නේ.

දැනටමත් ඔයාලා දන්නවා. අපි ඔයාලටත් අපේ cafe එකට පාඨකයෙක් විදියට විතරක් නෙවේ, ලේඛකයෙක් විදියටත් එකතු වෙන්න අවස්ථාව දිලා තියෙනවා. ඔව් ඔයාට පුළුවන් ඔයාගේ නමින්ම ලිපි පළකරන්න. ඒ කොහොමද කියලා දැනගන්න මෙතනින් යන්න.

මේ වන විට අප හා ලිපි පල කිරීමට එකතු වී සිටින කවිදු ධනංජය සහෝදරයාට අපගේ උනුසුම් සුබ පැතුම් !!!!!

අපිත් එක්ක මේ තරම් කාලයක් සිටියාට ස්තූතියි. ඉදිරියටත් ඔය විදියටම අපිත් එක්ක රැඳිලා ඉන්න. ඔබට ජය!!!

No comments:

Post a Comment

LK Game Cafe® Designed by Templateism.com Copyright © 2014

Powered by Blogger.
Published By Gooyaabi Templates